Scratch එක්ක programming කරමු, game හදමු.

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ගන්න හොද තැනක්.

රාස්බෙරි පයි සහ Scratch අතර තවත් විශේෂ කාරණාවක් තමා Scratchවලින් රාස්බෙරි පයිවල තියෙන GPIO pin control කරන්නත් තියෙන හැකියාව. ඒ නිසා රාස්බෙරි පයි එකක් තියෙන ඔයාට ලේසියෙන්ම DIY projects කරගන්න පුලුවන්.

අනික Scratchවලින් පොඩි පොඩි games හදාගන්නත් පුලුවන්.

එහෙනම් බලමු කොහොමද Scratch install කරගන්නෙ කියල.
ඔයාගේ රාස්බෙරි පයි එකේ desktop එකේ තියෙන menu එක open කරගන්න.
ඊලගට preferences කියන එක click කරල ඒකෙ ඇතුලෙ තියෙන Recommended software කියන එක් ක්ලික් කරන්න.

එතොකට මෙහෙම එකක් open වෙයි.

ඊලගට පොඩ්ඩක් scroll කරල Scratch3 කියන software එක ඉස්සරහින් හරියක් දාන්න.(Scratch3 කියන්නෙ අලුත් version එකක් නිසා.) ඊලගට යට තියෙන Apply කියන button එක ඔබන්න. දැන් Scratch install වෙයි.

මේ කරපු දේම terminal එකෙනුත් ඕන්නම් කරන්න පුලිවන්.

sudo apt install scratch

කියන command එක terminal එකේ type කරල enter කරන්න.

install වෙලා ඉවර උනාට පස්සේ menu එක open කරාම programming යටතේ ඔයාට Scratch3 බලාගන්න පුලුවන් වෙයි. ඒක ක්ලික් කරල Scratch open වෙයි.

එහෙනම් ඊලග tutorial එකට කලින් පොඩ්ඩක් අත්හදා බලන්නකෝ.

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑