Raspberry pi වලට අලුත් ඔයාට දැවෙන ප්‍රශ්න ගොඩක් ඇති දැනටත්. අපේ මේ ලිපිය කියවල ඉවර උනාම ඒ ප්‍රශ්නවලට උත්තර හම්බවේවි.

අපි මුලින්ම ඔයා ගන්න ඕන රාස්බෙරි පයි එක මොකක්ද කියල බලලා, ඊලඟට ඒක setup කරගන්නෙ කොහොමද කියල මේ tutorial එකෙන් කියල දෙනවා.

ඔයා තාම රාස්බෙරි පයිවලට අලුත් නිසා පාවිච්චි කරන්න ලේසිම විදිහට අපි රාස්බෙරි පයි එක setup කරගමු.

ඉස්සරහට monitor එකක්වත් keyboard එකක්වත් නැතුව set up කරගන්න විදිහත් කියල දෙන්නම්කෝ..

රාස්බෙරි පයිවල තියෙන තවත් විශේෂත්වයක් තමා experiments කරන්න තියෙන හැකියාව. ඔයාගෙ වටින computer එක laptop එකෙන් අලුත් දෙයක් try කරනවට වඩා ගොඩක් ආරක්ෂිතව රාස්බෙරි පයි එකෙන් ඔයාට අලුත් දෙයක් කරන්න පුලුවන්. මොකද මේකෙ OS එක ගහන්නත් ලේසියි ඒවගේම පාවිච්චි කරන්න බැරිම වෙන්න මොනව හරි උනත් ලොකු ගාණක් අපතේ යන්නෙත් නෑනෙහ්.

මොකක්ද ගන්න ඕන Raspberry Pi එක.

රාස්බෙරි පයි වර්ග ගොඩක් තියෙනවා. ඒත් ගොඩක් අය තෝරගන්නෙ රාස්බෙරි පයි 4 model B. ඒක තමා අලුත්ම, වේගවත්ම හා වඩාත් පහසුවෙන්ම භාවිතා කරන්න පුලුවන් රාස්බෙරි පයි එක.එකෙත් ram එක 2GB එක ගොඩක් වැඩ කරගන්න ඇති.

 

මේ තියෙන්නෙ රාස්බෙරි පයි 4එකක්. image reference: ranspberrypi.org

මීට වඩා පොඩි රාස්බෙරි පයි වර්ගත් තියෙනවා. රාස්බෙරි පයි zero කියන්නේ එවගෙ එකක්. ඒවට current එක යනව අඩු නිසා රොබෝල හදන්න වගේ ගැලපෙනවා.
ඒත් රාස්බෙරි පයි 4 එක පාවිච්චි කරන්න ලේසි නිසා ඒකෙන් මුලින් prototype එකක් හදල පස්සේ ඔන්නම් පොඩි එක්කට මාරු වෙන එක ලේසියි.

මොනවද අවශ්‍ය කරන අනිත් දේවල්

  • micro SD card එකක්
    රාස්බෙරි පයිවල files සහ OS(operating system) එක කියන දෙකම save කරගන්න hard drive එක වගේ වැඩ කරන්නේ මේ SD card එක.

අඩුම තරමේ 8GB SD card එකක්වත් ඕන කරනව. රාස්බෙරි පයිවලටම setup කරපු SD card උනත් ගන්න තියෙනවා.

  • Key board and mouse
    රාස්බෙරි පයි එක set up කරගන්න USB keyboard එකක් ඕන වෙන්ව.
    Set up කරගත්තට පස්සේ bluetooth keyboard එකක් mouse එකක් උනත් පාවිච්චි කරන්න පුලුවන්.
  • Tv එකක් හෝ monitor එකක්
    රාස්බෙරි පයිවල screen එකක් නැති නිසා monitor එකක් වෙනම set කරගන්න වෙන්වා.
    Screen එකේ built-in speakers තියෙනවානම් රාස්බෙරි පයි එකට sounds play කරන්නත් පුලුවන්.
  • Monitor එකක් keyboard එකක් නැති නම් Headless විදිහට set up කරගන්නත් පුලුවන්.
  • HDMI
    ඔයගෙ රාස්බෙරි පයි එකේ HDMI output port එක්කුත් තියෙනවා. අලුත් tv monitor ගොඩාක් එක්ක ඒක වැඩ කරනවා.
    සමහර monitorවල DVI හෝ VGA ports තියෙන්නත් පුලුවන.(ඒව ගැනත් කියනවා)
    රාස්බෙරි පයි 4 එකේ micro HDMI port දෙකක් තියෙනවා. ඒනිසා monitor දෙකක් ගහන්නත් පුලුවන්.
    ඔයාට micro HDMI to HDMI කේබල් එකක් හෝ standard HDMI to HDMI කේබල් එකක් සහ micro HDMI to HDMI adapter එකක් ඕන වෙනව රාස්බෙරි පයි එක screen එකට සම්බන්ධ කරගන්න.
    රාස්බෙරි පයි 1,2 සහ 3වල තියෙන්නේ full-size HDMI port. එනිසා කෙලින්ම standard HDMI to HDMI කේබල් එක්කින් screen එක connect කරගන්න පුලුවන්.

රාස්බෙරි පයි 3 එක්ක HDMI port එක

 

  • DVI
    ඔයාගෙ screen එකේ DVI port එකක් නම් තියෙන්නෙ HDMI to DVI කේබල් එක්කින් connect කරන්න.
  • VGA
    සමහර screen වල VGA port තියෙන්නෙ. එතොකට ඔයාට පුලුවන් HDMI to VGA adapter එකක් පාවිච්චි කරන්න.

වැඩිපුර බඩු

  • කේස් (case) එකක්
    ඔයාට පුලුවන් ඕනිනම් case එකක් ගන්න ඔයාගෙ රාස්බෙරි පයි එකට. මේක අනිවාර්ය නෑ.. ඒත් රාස්බෙරි පයි එකේ ආරක්ෂාවට හොදයි.
  • Headphones හෝ speakers
    ලොකු රාස්බෙරි පයි model වල (රාස්බෙරි පයි zero වගේ ඒවා නැතුව) standard audio port එකක් තියෙනවා.
    කලින් කිවා වගේ screen එකේ built-in speakers තියේනම් ඒවගෙනුත් sound play කරන්න පුලුවන්.
  • Ethernet කේබල් එකක්
    ලොකු රාස්බෙරි පයි modelවල standard ethernet port එක්කුත් තියෙනවා internet එකට connect වෙන්න.
    රාස්බෙරි පයි zero වගේ එක්කට USB to Ethernet adapter එකක් පාවිච්චි කරන්න පුලුවන්.

රාස්බෙරි පයි 4, රාස්බෙරි පයි 3 සහ රාස්බෙරි පයි zero wifi වලිනුත් internet එකට connect කරන්න පුලුවන්

SD card එක setup කරගමු

ඔයා ගාව තියෙන SD card එකේ Raspberry Pi OS operating system එක නැත්තම් තාම, ලේසියෙන්ම ඒක ඔයාටම install කරගන්න පුලුවන්.

Raspberry Pi imager එක හරහා Raspberry Pi OS එක install කරගමු.

මේක තමා මේ වැඩේ කරගන්න තියෙන ලේසිම විදිහ. රාස්බෙරි පයිවල වැඩ කරන එකම OS එක Raspberry Pi OS නෙවේ. වෙනත් OS එකක් දාගන්නත් මේ විදිහටම වගේ පුලුවන්. ඉස්සරහට තව විස්තර කියන්නම්කෝ.

Raspberry Pi imager එක download කරන් launch කරගැනීම.

Raspberry Pi downloads පිටුවට යන්න.

ඔයාගේ laptop/desktop එකේ OS එකට ගැලපෙන link එක click කරන්න.

Download වෙලා ඉවර උනාම click කරල installer එක launch කරගන්න.ඔයාගේ SD card එක adapter එකක් පාවිච්චි කරල ඔයාගෙ laptop/desktop එකට connect කරගන්න.

Raspberry Pi imager එක පාවිච්චි කිරීම
Imager එක පාවිච්චි කරල SD card එක format කරද්දි SD card එකේ කලින් තියෙන overwrite වෙනව. එනිසා වටින දෙයක් තියේනම් SD card එකේ back up එකක් දාගන්න.

Installer එක launch කරද්දි ඔයාගෙ operating system එක installer එක run වෙන එක නවත්තන්න අහයි සමහර විට. උදාහරණයක් විදිහට පහල තියෙන message එක එන්න පුලුවන් ඔයාගෙ windows os එකෙන්.

මේක අවොත් more info කියන එක click කරල ඊලඟට run anyway කියන එක click කරන්න.
දෙන උපදෙස් පිළිපැදගෙන Raspberry Pi imager එක install කරන් run කරන්න.

ඔයාගෙ SD card එක computer/laptop එකට insert කරන්න
Raspberry Pi imager එකේ ඔයාට ඕන OS එක සහ ඔයා insert කරපු SD card එක select කරන්න.
Note: ඔයා select කරන OS එක Raspberry Pi imager එක download කරන්න ඕන. එනිසා පලවෙනි පාරට OS එක select කරද්දි ඔයා online ඉන්න ඕන. ආයෙ පසුව ඕන වෙද්දිත් online හිටියොත් ඔයාට ඕන OS එකේ latest version එක දාගන්න පුලුවන්. නැත්තම් අර කලින් download කරපු version එකම ofline ඉදල දාගන්න පුලුවන්.

 

ඊලඟට write button එක click කරන්න.

 

Write කරල ඉවර වෙනකන් බලන් ඉන්න
පහල තියෙන message එක ආවම SD card එක eject කරන්න පුලුවන්.

 

රාස්බෙරි පයි එක connect කරගමු

දැන් අපි රාස්බෙරි පයි එකට ඉතුරු ඒවා ටික connect කරගමු.
හරි port එකට connect කරගන්න එක device එකේ සහ componentවල ආරක්ෂාවට ඉතාමත් වැදගත්.

මේ තියෙන්නෙ රාස්බෙරි පයි 3එකක්

මේ තියෙන්නෙ රාස්බෙරි පයි 4එකක්

ඔයාගෙ setup කරගත් microSD card එක insert කරගන්න. ඒකේ slot එක තියෙන්නෙ රාස්බෙරි පයි එකේ යට පැත්තේ.

ඔයාගෙ mouse එක USB port එක්කට connect කරන්න. (රාස්බෙරි පයි එකේ ඕන USB port එක්කට ගහන්න පුලුවන්.)

ඒ විදිහටම keyboard එකත් connect කරගන්න.

ඔයා පාවිච්චි කරන්න ඉන්න screen එක on කරල තියාගන්න.
රාස්බෙරි පයි එකේ HDMI port එකට screen එක connect කරගන්න. ඕන උනොත් adapter එකක් පාවිච්චි කරන්න.

Note: සමහර රාස්බෙරි පයිවල HDMI port දෙකක් තියෙනවා. (රාස්බෙරි පයි 4 එහෙම)
එහෙම වෙද්දි ඔයාගෙ screen එක රාස්බෙරි පයි එකේ HDMI0 කියන port එකට connect කරගන්න. රාස්බෙරි පයි 4 වලනම් ඒක තියෙන්නෙ power in port එකට ලගම.
ඊට පස්සෙ ඕන්නම් දෙවෙනි screen එක්කුත් connect කරගන්න පුලුවන් අනිත් port එකෙන්.

රාස්බෙරි පයි 1,2,3 වල නම් එක HDMI port එකයි තියෙන්නෙ. ඒකට screen එක connect කරගන්න.

තාම මුකුත් screen එකේ පේන්නේ නෑ. මොකද රාස්බෙරි පයි එක තාම On කරල නැති නිසා.

ඔයාට රාස්බෙරි පයි එක ethernet වලින් internet එකට connect කරගන්න ඕන්නම් ethernet cable එකක් ethernet port එකට connect කරගන්න. Ethernet කේබල් එකේ අනිත් පැත්ත router එකට හෝ ethernet socket එකට connect කරගන්න.
Wifi පාවිච්චි කරනවනම් හෝ internet ඕනිම නැත්තම් මේක කරන්න ඕනි නෑ.

ඔයා පාවිච්චි කරන screen එකේ speakers තියෙනවානම් ඒවගෙන් සද්දෙ අහන්න පුලුවන්. නැත්තම් audio port එකට headphone හෝ speakers connect කරගන්න පුලුවන්.

රාස්බෙරි පයි එක start up කරමු.

ඔයාගෙ රාස්බෙරි පයි එකට වෙනම power switch එකක් නෑ. Current එකට ගහපු ගමන් ඒක on වෙනවා.
Power supply එක plug එක්කට ගහල රාස්බෙරි පයි එකේ power port එකට connect කරන්න.

ඔයාට රතු පාට LED එකක් පත්තු වෙනවා පෙනෙයි. දැන් අපේ රාස්බෙරි පයි එක boot වෙන ගමන් තියෙන්නේ.

දැන් ඔයාගේ screen එකෙ උඩ වම් පත්තේ රාස්බෙරි ටිකක් පෙනෙයි.

තව ටික්කින් රාස්බෙරි පයි desktop එක ඔයාට පෙන්න ගනියි.

ඔයා පලවෙනි පාරට රාස්බෙරි පයි එකක් start up කරද්දි "Welcome to Raspberry Pi " කියල application එකක් pop up වෙලා මුල් setup එක ගැන පොඩි guide එකක් දෙයි.

ඒකේ කියන විදිහට next දීල country, language, timezone එහෙම set කරගන්න.

ඊලඟට ඔයාගෙ username එකයි password එකයි set කරගන්න.

Desktop එක monitor එක පුරාම තියෙන විදිහට ඔයාගෙ screen එක setup කරගන්න.

Wifi connect කරගන්න.
(ඔයාගෙ රාස්බෙරි පයි model එකේ wifi නැත්තම් ඔයාට මේක පේන එකක් නෑ.)

Wifi connect වෙලා හරි වෙලාව පෙන්නනකන් ඉදල software update එකට check කරන්න කැමති නම් next දෙන්න ඊලඟට. නැත්තම් skip කරන්න.

අන්තිමට Restart කියන එක ඔබන්න.Restart උනාට පස්සේ set up කිරිම ඉවරයි.

ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දාන්න අමතක කරන්න එපා.