ghostsලා ඔක්කොම අල්ලමු.

කලින් ඉගෙන ගත්ත commands පාවිච්චි කරල රාස්බෙරි file system එකේ එහෙට මෙහෙට ගිහින් ghostsලා හොයන්, උන්ව අල්ලලා quarantine කරන්න.
quarantine folder එකට ගිහින් ghostsලා කීයක් අල්ලලාද කියලා බලන්න.

ghostsලා 7 දෙනාම අල්ලගන්න ඔයාට පුලුවන් උනාද?

ඔක්කොම ටික අල්ලගත්තට පස්සේ treasure එක ඊලගට ගමු

treasure එක එකතු කරගන්න files ඇතුලේ බලන්න තියෙන්නේ.
quarantine/ directory එක ඇතුලට යන්න. තියෙන දේවල් list කරාම ඔයාට ඔයා අල්ලපු ghostsලා ටික පේන්න තියෙයි.

treasure එක එකතු කරගන්න.
දැන් බලමු Spooky ඇතුලේ තියෙන්නෙ මොනවාද කියල.
cat කියල type කරල බලන්න ඕන file එකේ සම්පූර්ණ නම type කරන්න. දැන් Enter එක ඔබන්න.
දැන් ඔයාට treasure එක පෙනෙයි.

Challenge: quarantine folder එක අයින් කරන්න.

දැන් ghostsලා අල්ලලා ඉවර නිසා quarantine folder එක clear කරන්න ඕන.
ඇතුලේ තියෙන මුකුත් ආයේ copy කරන්නෙ නැතුව quarantine folder එක Delete කරන්න.
මේ link එක පාවිච්චි කරල directory එකක් remove කරන විදිහ ඉගෙන ගන්න.
https://www.raspberrypi.org/documentation/linux/usage/commands.md


remove කරල ඉවර උනාම folder එක අයින් වෙලාද කියල list කරල බලන්න

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑