රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔයා ඉගෙන ගනීවි.

ඕන කරන දේවල්.

set up කරගත්ත රාස්බෙරි පයි එකක්
LED එකක්
100 ohm හෝ ඊට පොඩ්ඩක් වැඩි resistor එකක්
jumper cables

මුලින්ම තියෙන්නෙ පහල තියෙන විදිහට circuit එක හදාගන්න එක.
LED එකයි resistor එකයි ශ්‍රේණි ගතව තියෙන්න ඕන(series connection)

ඉතුරු වෙන අග්‍ර දෙකෙන් LED එකේ +(ධන) පැත්ත GPIO pin එක්කට connect කරගන්න. (LED එකේ දිග pin එක තමා ධන අග්‍රය).
අපිනම් මෙතන connect කරල තියෙන්නෙ GPIO 18 pin එකට.

පහල තියෙන diagram එක GPIO pin අදුරගන්න උදව් වේවි. සාමාන්‍යයෙන් අලුත් modelවල pinවල වෙනසක් නෑ. ඔයාගේ පයි එක වෙන ජාතියක් නම් පොඩ්ඩක් හොයල බලල connect කරන්න වෙයි.රාස්බෙරි පයි එකේ පැත්ත ගැන සැලකිලිමත් වෙන්න.මෙතන GP කියල තියෙන්නේ GPIO pinවලට GND කියල තියෙන්නෙ ground pinවලට.

ඊට පස්සෙ අනිත් පැත්ත(- පැත්ත)ground pin එක්කට connect කරගන්න.
මතක තියාගන්න පැත්ත කියල කීවේ resistor එකත් ශ්‍රේණි ගතව(series) connect වෙලා තියෙන්න ඕන නිසා.)

දැන් තියෙන්නෙ code කරන්න.

Pythonවලින් Code කරමු.

ඔයාගේ රාස්බෙරි පයි එකෙන් Python code editor එකක් open කරගන්න. Thonny කියන්නෙ එවගේ code editor එකක්.
පහල තියෙන Code එක copy කරගෙන paste කරන්න.

import RPi.GPIO as GPIO
from time import sleep

GPIO.setwarnings(False)
GPIO.setmode(GPIO.BCM)
GPIO.setup(18,GPIO.OUT)

while True:
    GPIO.output(18,GPIO.HIGH)
    sleep(1)
    GPIO.output(18,GPIO.LOW)
    sleep(1)

 සමහර විට paste කරද්දි indentation එක නැති වෙන්න පුලුවන්. එහෙම උනොත් Tab එක ඔබල හරි space 4ක් තියල හරි indentation එක හදාගන්න.
ඔයාගේ file එක save කරගන්න.

 

දැන් තියෙන්නේ code එක run කරන්න.

 

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑