අපි හැමෝම ආස කරන tv series එකක් තමා Mr. Robot කියන්නේ. Show එක පුරා තියෙන plot twist, නියම story එක සහ අවසානය වෙනකන් තියෙන කුතුහලය නිසා ඒක අනිවාර්යයෙන් බලන්න ඕන series එකක්. ඒවගේම show එකේ තියෙන realistic hacking scenes ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙහ්.

අද අපි කතා කරන්න යන්නේ ඒකේ S01 E04, show එකේ main character එක වෙන එලියට් රාස්බෙරි පයි එක්කින් steel mountain කියන facility එක හැක් කරන එක ගැන. කතාවේ මේ වෙනකොට fsociety එකෙන් e-corp එක, එක පාරක් හැක් කරල. ඒත් Steel mountain කියන facility එකේ e-corp එකට අයිති data back up කරපු tape (magnetic tape storage) ටිකක් තියෙනවා. ඉතින් මේ එලියට් ඇතුලු fsociety team එක කරන්න හදන්නේ ඒ back up වලින් data restore කරගන්න කලින් ඒ back up ටික විනාශ කරන්න. මෙතනදි මේ back up tape විනාශ කරන්න නියම විදියක් හොයාගන්නවා. ඒ තමා storage room එකේ climate contol කරන system එකට ඇතුල් වෙලා උෂ්ණත්වය තියෙන්න ඕන ගානට වඩා වැඩි කරන එක. එතොකට back up tape ටික සවුත්තු වෙලා back up ටික නැති වෙනවා.

කොහොමහරි පොඩි social engineering වැඩ ටික්කින් එලියට් facility එක අතුල්ට යනව. පොඩ්ඩක් වැඩේ දෙල් වෙන්න ගිහිල්ලත් කොහෙන් කොහොමහරි එලියට් රාස්බෙරි පයි එක හයි කරල හැක් කරන්න පුලුවන් තැනක් හොයාගන්නවා. ඒ climate control system එකට connect වෙච්ච thermostat එකක්.

Show එකේ කියන හැටියට ඒ රාස්බෙරි පයි එක පොඩ්ඩක් modify කරල තියෙන්නේ.. RJ45 port එක වෙනුවට ethernet wire එකක් ඒකට set කරලයි තියෙන්නෙ. එලියට් අර thermostat එකට එන wire එක්ක රාස්බෙරි පයි එකේ wire සම්බන්ධ කරනවා. දැන් රාස්බෙරි පයි එකට පුලුවන් අතුලේ network එකත් එක්ක communicate කරන්න.

දැන් එලියට්ට තියෙන්නෙ ගෙදර යන්න. රාස්බෙරි පයි එක අර network එකට set කරන්න කලින් එලියට් ඒකට script එකක් දාල තියෙන්නේ. එකෙන් වෙන්නෙ රාස්බෙරි පයි එක on උන ගමන් කලින් කියල තියෙන port එක්කින් රාස්බෙරි පයි එක netcat listner එකක් විදිහට වැඩ කරන එක.

එතොකට එලියට්ට තියෙන්නෙ ගෙදර ගිහින් රාස්බෙරි පයි එකේ ip address එක ගහල netcat එකෙන් connect වෙන්න. දැන් එලියට්ට පුලුවන් ඕන තැනක ඉදන් රාස්බෙරි පයි එක පාවිච්චි කරන්න. රාස්බෙරි පයි එක facility එකේ network එකට connect වෙලා නිසා දැන් එලියට්ට පුලුවන් network එක අතුලේ එක එක දේවල් කරන්න. ඔන්න දැන් එලියට් එයාට ඕන විදිහට උෂ්ණත්වය වැඩි කරල backup tape ටික විනාශ කරනවා.

ඔන්න ඔහොමයි එලියට් steel mountain එක Hack කරන්නේ. තවත් විස්තර ඕන්නම් පල්ලෙහ comment කරන්න..

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑