Treasure hunt එක පටන්ගමු.

මේක පටන් ගන්න මුලින්ම කරන්න තියෙන්නෙ Pac-Man ghost ලා ටික නිදහස් කරන file එක download කරගන්න.

Note: මේ file එකේ එහෙම ඇත්ත virus නෑ. මේක Raspberry Pi official website එකෙන් මේ game එකටම හදපු file එකක්.

Terminal එකේ ඔයාට ලේසියෙන්ම files download කරල ඒවා open කරන්න පුලුවන් bash පාවිච්චි කරල. Bash කියන්නෙ ඔයාගෙ command එක අහල කියන දේ කරන programme එකක්. Hacker කෙනෙක් වෙන්න මේ command පුලුවන් වෙන එක සෑහෙන වටිනවා.

Terminal එක open කරන්න. ඔයාට $ සලකුණක් පේන්න තියෙයි. ඒතමා shell prompt එක. ඒක පේනවා කියන්නේ terminal එක command එකක් ගන්න ලෑස්තියි කියල.

$ ට එහා පැත්තෙන් පහල තියෙන command එක type කරන්න.(නැත්තම් copy කරල paste කරන්න.)

wget -O - https://rpf.io/pacmanstart | bash

Enter එක ඔබන්න. වචන ගොඩාක් terminal එකේ පෙනෙයි. ඒ download වෙනව සහ files එක execute වෙනවා කියන්න.

Note: අන්තිමට තියෙන | bash command එක download කරපු file එක එතෙනින්ම run කරන්න කියන්වා. සාමන්‍යයෙන් එහෙම කරන්න එපා කියනවා මොකද download උනේ මොකක්ද කියල බලන්න කලින් ඒක run වෙන නිසා. එතොකට virus එකක් open වෙන්න ඉඩකුත් තියෙනවානෙහ්.
ඒත් අපි මෙතන ඒක පාවිච්චි කරනවා ලේසියෙන්ම අපේ treasure hunt එක පටන් ගන්න.

Files එක run වෙලා ඉවර වෙලා command prompt එක ආයෙ පේන්න ගත්තම ctrl + l ඔබලා terminal එක clear කරගන්න. (නැත්තම් terminal එකේ clear කියල type කරල enter කරන්න)

දැන් තියෙන්නෙ maze එක පුරා ගිහින් ghostලා ඔක්කොම අල්ලගන්න.

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑