රාස්බෙරි පයි terminal එකේ Pac-Man තේමාව කරගත්ත treasure hunt game එකක් ගහමු.

Hacker කෙනෙක් වෙන්න ඔයාගෙ පලවෙනි පියවර මේක වෙන්න පුලුවන්. මේ game එක රාස්බෙරි පයි එකේ Terminal එක ඇතුලේ එහෙට්ට මෙහෙට්ට යන්න ඔයාට කියල දෙයි.

මේ project එකෙන්..
ඔයා basic hacking සහ basic cybersecurity සංකල්ප ඉගෙන ගනිවි.
ඔයා පහල කියල තියෙන දේවල් terminal එක්ක කරන්න ඉගෙන ගනයි.
1. Scrip එකක් download කරල run කරන්න.
2. Computer එකේ එහෙට්ට මෙහෙට්ට navigate වෙන්න.
3. Directory එකක් හදන්න.
4. Files copy කරන්නයි move කරන්නයි.
5. Files delete කරන්න.
6. Files කියවන්න.

ඔයාට ඕන කරන දේවල්
Set up කරගත්ත රාස්බෙරි පයි එකක්.

ඔයාගෙ mission එක.
මේ project එකේ ඔයා තමා Pac-Man වෙන්නේ.

හැබයි අර හැම දේම කන කහ පාට රවුම වෙනුවට මේකේ ඔයා ethical hacker කෙනෙක්.
ඔයාට තියෙන්නෙ ඔයාගෙ රාස්බෙරි පයි එක defend කරන්න.

මෙන්න මේකයි තත්වේ,
ඔයාගෙ රාස්බෙරි පයි එක අතුලේ virus ගොඩක් හැංගිලා ඉන්නවා. ඒ virus තමා Pac-Man ghostලා.

ඔයාට තියෙන්නෙ මේ ghostලා ඔක්කොම අල්ලලා හිර කරල treasure එක එකතු කරගන්න.

Ghostලා අල්ලගන්න ඔයාට ඔයාගෙ රාස්බෙරි පයි පුරා එහෙට මෙහෙට යන්න වෙයි. රාස්බෙරි පයි එක තමා maze එක.
ඔයාට එහෙම maze එකේ යන්න තියෙන්නෙ command line එක පාවිච්චි කරල.

Command line එක කියන්නේ computer එකට command දෙන්න තියෙන වචන පාදක කරගත්ත අතුරුමුහුණතක්(text interface). ඔව්, දැන් අපි පාවිච්චි කරන graphical user interface(gui) එන්න කලින් තිබ්බේ command line interface(cli) එක තමා. මුලින් පටන් ගද්දි අමාරු උනත් command line එක ගොඩාක් powerful වගේම ඒකෙන් ගොඩක් වැඩ ලෙසියෙන් කරගන්න පුලුවන්.
එනිසා තමයි gui එක තිබ්බත් command line එක පාවිච්චි කරන්න පුලුවන් විදිහට software එකක් තාමත් computerවල මෙහෙම තියෙන්නෙ.

හරි එහෙනම්, ඔයාගෙ mission එකේ කරන්න තියෙන්නෙ,
1. Ghostලා හොයාගන්න.
2. උන්ව හිර කරන්න .
3. ඔයාගෙ treasure එක collect කරගන්න.

Terminal එක පාවිච්චි කරන්න,
ඔයාගෙ screen එකේ උඩ තියෙන terminal icon එක click කරල terminal window එකක් open කරගන්න.

නැත්තම් accessories select කරල ඊලඟට menu එකෙන් terminal එක select කරගන්න.

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑